Saturday, September 28, 2019

ආමාශගත රෝගවලට ගුණ දෙන ගස් කරල් හැබ ශාකය





උද්භිද විද්‍යාත්මක නාමය - Achyranthes asperal
කුලය - Amarantaceae
ඉංග්‍රීසි නාමය - Pricklychaffplant
සංස්කෘත නාමය - අපා මාර්ග

ගස් කරල් හැබ, රත් කරල් හැබ යනුවෙන්ද ප්‍රභේද 2 කි. කුඩා පැළෑටියක් වන මෙය උසින් අඩි 3ක් පමණ වේ. මල්වල වර්ණය අනුව ප්‍රභේද වෙන්වේ සුදු මල් වර්ගය ගස් කරල් හැබ යනුවෙන්ද රතු මල් සෑදෙන වර්ගය රත් කරල් හැබ යනුවෙන්ද හැදින්වේ. කරල් හැබ කරලේ පිහිටි හැඩය කොක්කක් මෙනි. මේවා තුත්තිරි මෙන් මිනිසුන් ඇද සිටින ඇදුම් වල ඇමිනේ. 

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම හොදින් වැඩෙන කරල් හැබ බොහෝ දෙනෙකු දන්නේ වල් පැළෑටියක් ලෙසය. 

ඖෂධ ගුණ කර්ම වශයෙන් මෘදු විරේකනයයි. ආමාශයට හිත කරයි. වමනය යාමට හා හෘද රෝගනයට යෙදිය හැක. වණ, උදරාබාධ, අර්ස්, කෘමි රෝග (පණු) සදහාද භාවිතා කෙරේ. මුල් කද සහිත පැළෑටියක් සියළුම අංග සර්ප දෂ්ඨ විෂට ප්‍රතිකාර සදහා යොදාගනු ලැබේ. 

ගස් කරල් හැබ පැළෑටියෙන් කළ හැකි අත් බෙහෙත්

  • හදිසි වූ තුවාල වලට ගස් කරල් හැබ කොළ, අමුකහ, ඇල් දියෙන් සිහින්ව අඹරා තුවාලයට තබා බදින්න.
  • පණු රෝග සදහා - ගස් කරල් හැබ මුල් තම්බා මී පැණි දමා බීමට දෙන්න.
  • බඩවැලේ සෑදෙන තුවාල වලට - ගස් කරල් හැබ, කටුපිල කොටා වන්ඩුවේ තම්බා මිරිකාගත් යුෂට මී පැණි දමා බොන්න දෙන්න.
  • අර්ශස් රෝග වලට - ගස් කරල් හැබ මුල්, සූදුරු, කොහිල අල, රතුලූනු කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා පත බාගය බැගින් එලගිතෙල් දමා උදේ හවස බීමට දෙන්න.
  • දරු ගැබ ශක්තිමත් වීමට - ගස් කරල් හැබ මුල් කලං 12 ක් ගෙන වතුර පත 7ක් හා එළකිරි පත 1ක් දමා පත අට එකට සිද පෙරා මී පැණි දමා උදේ සවස බීමට දෙන්න.
  • සියලු සර්ප දෂ්ඨ වලට - ගස් කරල් හැබ තම්බාගත් වතුරට එලගිතෙල් දමා බීමට දෙන්න. එම ඇට හා දළු අමුකහ සමග දෙහි ඇඹුලෙන් අඹරා දෂ්ඨ කල ස්ථානයට තබන්න.
  • සියලු දත් රෝග සදහා - ගස් කරල් හැබ  සහමුලින්ම ගෙන සෝදා වේලා කුඩුකරගත් කුඩු ග්‍රෑම් 250 ට ගම්මිරිස් කුඩු ග්‍රෑම් 25 ක් මිශ්‍ර කර දත් මදින්න.
  • කරවලයා දෂ්ඨ කල විට - කරල් හැබ කොළ , වහකැල් කොළ  කොටා තලතෙල් මිශ්‍ර කර ලිප තබා මලවා ඔතන්න.
  • රක්ත අතීසාරයට - ගස් කරල් හැබ ගස් සහමුලින්ම ගෙන හීන් උදුපියලිය එම තරමට ගෙන කොටා උණුවතුර දමා මිරිකා ගත් ඉස්ම නිවෙන්න හැර මී පැණි දමා වරු 3ක් බීමට දෙන්න.

1 comment:

  1. HARI WATINAWA ME DANUWATH KIREEMA...OBALATA PIN SIDU WEWA

    ReplyDelete